මගියා කටුනායක නතර වුණේ වීසා වැරදීමකින්



(කටුනායක ටී.කේ .ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළේ දින තුනක් රැඳි සිටි 34 හැවිරිදි පිලිපීන ජාතික ගුවන් මගියාගේට එසේ නතර වීමට සිදුවූයේ ඔහුගේ වීසා සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කියයි.

වීසා නිසි පරිදි පරීක්ෂා නොකර, තායිලන්තයේ බැංකොක් හරහා මෙම පිලිපීන ජාතිකයා ශ්‍රී ලංකාවට එවා තිබුණ බවත්  මෙම මගියා 11/14 දින යූ.එල්.- 217 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත යෑමට සූදානම්ව සිටියද යානයට ගොඩවීමට පෙර කෙරෙන අවසාන පරීක්ෂණයේදී ඔහුගේ වීසා වල වැරදි සහගත තත්වයක් අනාවරණය වීම මත හේතුවෙන් ඔහුව යානයට නංවා ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කියයි.

පසුව ඔහුගේ ඉල්ලීම මත ඔහුගේ සොහොයුරිය 11/17 දින කටුනායකට පැමිණ , කොළඹදී මෙම වීසා නිවැරදි කර ගැනීමට උත්සාහ කළද , එයද අසාර්ථක වී තිබේ .


ඒ අනුව ඔවුන් දෙදෙනා, එනම් පිලිපීන ජාතිකයා බැංකොක් හරහා පිලිපීනයටත් , ඔහුගේ සොහොයුරිය යළි කටාර් රාජ්‍යය වෙතත් මේ වනවිට පිටත්කර යවා තිබේ .