මක්කම ගිය ලක් කත තවම සොයයි : පිරිමියාගේ සිරුර හමුවෙයි


සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගොස් තෙරපීමට ලක්ව අතුරුදන් වූ වැල්ලවත්තේ ශ්‍රී ලාංකික යුවළේ පිරිමියාගේ මළ සිරුර හමු වී ඇතැයි  එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග පවසයි.

පසුගිය 24 වැනිදා මේ අනතුර සිදුවිය.

එම ලාංකිකයා ගේ සිරුර සෞදියේදී මිහිදන් කිරීමට කටයුතු යොදා ඇති බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

අතුරුදන් වූ කාන්තාව සොයා තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ. මේ දෙදෙනා වැල්ලවත්තේ පදිංචි යුවළකි.