මංතීරු නීතිය යළිත් සති දෙකකින්


(ඉන්දිකා රාමනායක)
 
ප‍්‍රධාන නගර ආශි‍්‍රතව  මංතීරු නීතිය යළිත් කි‍්‍රයාත්මක කිරීමට පොලිස් මුලස්ථානය තීරණය  කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
 මෙම නීතිය කි‍්‍රයාත්මක කිරීමට  පෙර රියදුරන්ට  අද (28) සිට සති දෙකක සහනයක් කාලයක් ලබා දී ඇති බවද රුවන් ගුණසේකර  මහතා කියා සිටියේය.
 
බස් රථ ඇතුලූ  බරවාහන  රියදුරන්ට මන්තීරු  නීතිය සදහා   අවතීර්ණ වීමටත්, ඔවුන්  ප‍්‍රයෝගියකව ඒ සදහා යොමු කිරීම සදහාත් මෙම සති දෙකක සහන කාලයක් ප‍්‍රකාශයට පත්කර ඇති බවද  රුවන් ගුණසේකර මහතා සදහන් කළේය
 
 මෙම සති දෙකක සහන කාලය නිමා වීමෙන් පසු   මංතීරු නීතිය  දැඩි කි‍්‍රයාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය.
 
ඒ සදහා සාමාන්‍ය  ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීන් යොදවා  රියදුරන් නිරීක්ෂණය කිරීමෙන් විඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමෙන් මංතීරු නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.