මංගලගේ පානදුරේ ගෙට පොලිස් ආරක්ෂාව


පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකාන නිවසට පොලිස් ආරක්ෂාව සලසා ඇත.

උදේට පොලීසියේ දෙදෙනෙකු ද  රාත්‍රීයට දෙදෙනෙකු ද වශයෙන් මෙසේ ආරක්ෂාව දී ඇත.

පෙර දින රාත්‍රී සොරුන්  පැනීම ගැන සෙවීමට පොලිස් සුනඛ කොන්සෝ ද   රැගෙන එනු ලැබීය.

ඇගිළි  සලකුණු විශේඥඥයෝද පරීක්ෂණ සඳහා පැමිණි සිටිති.

සොරුන් විසින් අවුස්සා දමන ලදැයි කියන මේස ලාච්චුවේ චෙක් පතක් හා තවත් ලියැවිලි තිබු බව පොලීසිය කියයි.

ගෙදර මුරකරු කියා ඇතිතේ කවුදෝ නාඳුණන මිනිසකු  ලාච්චුව අවුස්සා පැන දුවනු දුටු බවයි.

තමාට ආරක්ෂාව සලසන ලෙස සමරවීර මහතා සතියකට පමණ පෙර පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක්ද කළේය.

ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් යෙදීමට පොලිස්පති කැඳවන බවද කථානායක ඔහුට දැන්වීය.