මංගලගේ ප්‍රකාශයට එරෙහි පිවිතුරු හෙළඋරුමයෙන් පැමිණිල්ලක්


නාලක සංජීව දහනායක
 
සිංහ සමාජ, රොටරි සමාජ සහ බෞද්ධ සංවිධානවල සභාපතිවරුන් ලෙස කටයුතු කරන පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප‍්‍රකාශයට එරෙහිව පිවිතුරු හෙළ උරුමය අද (16) පොලිස්පතිවරයාට පැමිණිලි කළේය.  

 
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද, ප‍්‍රචාරක ලේකම් තුෂාර දිසානායක,ප‍්‍රධාන ලේකම් උපුල් විජේසේකර, සංස්කෘතික ලේකම් උපුල් කෝනාර යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.