මංගලගෙ 22ක් අත්අඩංගුවට


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට නායකත්වයෙන් ඉවත්වන්නැයි බල කරමින් දෙවි නුවර සිට පා ගමනක් සංවිධානය කළ එජාප කණ්ඩායමට පහර දුන්නැයි සැක පිට 22ක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, මාතර මහනගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත, නාගරික මන්ත්‍රීන් වන නලීන් අබේගුණවර්ධන, නුස්කි ඉබ්බාල්, එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර ආසන සංවිධායක එච් ආර් විමලසිරි, මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර මේ පිරිස අතර වෙති.

සැකකරුවෝ 15 දෙනෙක් එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා සමග පොලිසියට භාර වූහ. සෙසු හත් දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.

නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි වූ මේ විරෝධතාවය සංවිධානය කළ පළාත් සභා මන්ත්‍රීන් වන මෛත්‍රී ගුණරත්න හා ශිරාල් ලක්තිලක මහත්වරුන් කියා සිටියේ පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දිය යුතු බවයි.