මංගල සම්බන්දන්ට සුභපතයි


බෙදුම්වාදය හා ආත්මාභිලාභය උදෙසා කටයුතු කිරීමෙන් බැහැරවීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ගෞරවාන්විත දේශපාලඥයකු වන ආර්.සම්බන්දන් මහතා විපක්ෂ නායකවරයා වශයෙන් පත්කිරීම රටේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රීලංකාවට ඇති කැපවීම පෙන්වා දීමක් බව ඔහුගේ අදහසයි.අලුත් ශ්‍රීලංකාවේ කිසිදු පුද්ගලයෙක් හට තම ආගම,ජාතිය,කුලය, හෝ ස්ත්‍රී- පුරුෂ භාවය නිසා සමාජයේ හිමිවිය යුතු තැන අහිමි නොවනු ඇති බවද ඔහු කියයි.

රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති සැකසීමට හා ක්‍රියාත්මක කිරීමට මෙම ජාතික ආණ්ඩුව කැපවී කටයුතු කරනු ඇති බව කියන අමාත්‍යවරයා ජනතා අයිතිවාසිකම් සහතික කෙරෙන නව ව්‍යවස්ථාවක්ද සම්මත කිරීමට කටයුතු කරන බව පවසයි.මෙම ක්‍රියාමාර්ග වලින් රටට වගකිවයුතු රජයක් නිර්මාණය වනු ඇතැයි ඔහු කියයි.