එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පළාත් සභා මන්ත්‍රීන් වන මෛත්‍රී ගුණරත්න හා ශිරාන් ලක්තිලක මහත්වරුන්ගේ සංවිධානත්වයෙන් පසුගිය පස්වැනිදා මාතර නගර සභාව අසල පැවැත්වු උද්ඝෝෂණයට පහර දුන්නැයි පොලීසියට අවශ්‍යව සිටි මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මංගල සමරවීර , දෙවිනුවර ආසන සංවිධායක එච් ආර් විමලසිරි හා බලපිටිය ආසන සංවිධායක නීතීඥ කමල් සොයිසා යන මහත්වරු රුපියල් ලක්ෂයක් බැගින් ශරීර ඇප තුනක් මත මුදා හරින්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා විසින් නියෝග කරනු ලැබුහ.
ඔවුහු පොලීසිය මගින් අද අධිකණයට භාර වුයේ මෝසමක් මගින් නඩුව කැදැවීමෙනි.
අයුතු ජන රාශිය,කුරුදු පොලු වලින් පහර දීම ,වාහනයකට අලාභහානී කිරීම හා ශබ්ද විකාශන යන්ත්‍ර පැහැර ගැනීම යන චෝදනා තුන මත පොලීසිය බී වාර්තාවකින් අධිකරණයට කරුණු දැක්වීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යය තවත් අට දෙනකුගේ නම් සදුදා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුහු අද අධිකරණයට ඉදිරිපත් නොවුහ.

