හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මංගල රැලිය පසුගිය දා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කරමින් එම අවස්ථාවට සහභාගී වීමට පැමිණි කලාකරුවන් උත්සව භූමියට ඇතුලු වූ ආකාරය විවිධ විය.
ඇතැමුන් වෙහෙස නොබලා දිගු දුරක් ගෙවා ආරක්ෂක අංශවල පරීක්ෂාවට ද ලක්වෙමින් උත්සව භූමියට ඇතුළු වූහ.
සමහරු කෙටි මාර්ග සොයා ගනිමින් ආරක්ෂාවට යොදා තිබූ වැට කඩුළුවලටද නැඟ එහා පැත්තට පැන්නහ.
කාන්තාවෝ ද ඒ අතර වූහ.





