විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (13) ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
ජිනීවා මානව හිමකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට සහභාගී වීමට පෙර අමාත්‍ය මංගල සමරවීර මහතා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේදී මෙලෙස මානව හිමිකම් කොමසාරිස්වරයා හමුවූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා ප‍්‍රතිසන්ධානය සම්බන්ධයෙන් නව රජය ඉදිරියේ සිදු කරන්නට යන වැඩපිළිවෙළ ගැනත් ලංකාවේ මානව හිමිකම් වර්ධනය සඳහා රජය මෙතෙක් ගෙන ඇති පියවරයන් පිළිබඳව විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට කරුණු පැහැදිලි කළේය. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ යන මහත්වරුද සහභාගී වූහ.
අමාත්‍ය මංගල සමරවීර මහතා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් හමුවන දෙවැනි අවස්ථාව මෙයයි.




