(ඉන්දික අරුණ කුමාර සහ කාංචන කුමාර ආරියදාස)
නාඋල සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ ප‍්‍රශ්නගත පෙට‍්‍රල් තොගය ඉවත් කිරීමට තෙල් සංස්ථාව අද (28) පියවර ගත්තේය.
ඉන්ධන පිරවුම්හලේ නිකුත් කරනු ලබන පෙට‍්‍රල්වලට භූමිතෙල් කලවම් වී ඇතැයි මාධ්‍ය මගින් අනාවරණය වීමත් සමඟ තෙල් සංස්ථාව විශේෂ පරික්ෂණයක් ආරම්භ කළ අතර එහිදි ඉන්ධන පිරවුම්හලේ භූගත පෙට‍්‍රල් ටැංකියේ තිබු පෙට‍්‍රල් වලට භූමිතෙල් මිශ‍්‍ර වී ඇති බව අනාවරණය වීය.
ඒ අනුව දැනට ඉන්ධන පිරවුම්හලේ තෙල් ටැංකිෙය් තිබෙන ඉන්ධන ලීටර් 6500 තෙල් සංස්ථාවේ මහනුවර ශාඛාවේ නිලධාරීන් බවුසර් මගින් රැගෙනයාමට පියවර ගන්නා ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන බව නාඋල විවිධසේවා සමූපකාර සමිතියේ සභාපති ඩී.එම්. ජයරත්න දිසානායක මහාතා පැවසීය.



