රංජන් කස්තුරි
භූමිතෙල් මිල ලබන සඳුදා (11) සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරිමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දැනට රුපියල් 101 ක් වන භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 ත් 80 ත් අතර මිලකට නියම කරන බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ධීවර හා අඩු ආදායම්ලාභී ජනතාවට සහයක් සැලසීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි එම පියවර ගෙන තිබේ.
භූමිතෙල් සහන මිලට ලබාගෙන ඇතැම් පිරිස් අක්‍රමිකතාවල යෙදෙන බවට හා වාහනවලට වොදවන බවට පැමිණිලි ලැබී ඇති හෙයින් භූමිතෙල් මිල ඉහළ නැංවීමට ඉකුත් දා රජය තීරණය කළේය.