අජන්ත කුමාර අගලකඩ
භූමිතෙල් මිල ඉහළ දැමීම නිසා භූමිතෙල් පරිභෝජනය 50% කින් පමණ අඩුවී ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අර්ජුන රණතුංග මහතා අද (22) කැබිනට් රැස්වීමකදී ප්‍රකාශ කර ඇත.
භුමිතෙල් ඩීසල් සමඟ කලවම් කර බස් රථ ධාවනයට යොදාගෙන ඇති නමුත් භූමිතෙල් මිල රුපියල් 57කින් වැඩි කිරිමත් සමඟ බස්රථ ධාවනයට භූමිතෙල් යොදා ගැනීමට අඩුවී ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී ඇත.
මේ තත්ත්වය නිසා භූමිතෙල් පරිභෝජනය 50% කින් පමණ අඩුවී ඇති බව පවසා ඇති ඇමැතිවරයා,භූමිතෙල් සහනයෙන් වැරදි ප්‍රයෝජන ගෙන ඇති බව මින් පැහැදිලි වන බවද සඳහන් කර ඇත.
රුපියල් 44ක් වශයෙන් පැවැති භූමිතෙල් ලීටරයක මිල මීට සති දෙකකට පමණ පෙර රුපියල් 101 දක්වා වැඩි කෙරිණි.