භූමිතෙල් 70 ට දෙන්න කැබිනට් අනුමැතිය


 

 

අජන්ත කුමාර අගලකඩ

 

භූමිතෙල් ලීටරයක මිල අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 70 දක්වා අඩුකිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

දැනට රුපියල් 101 ක් ලෙස පවතින භූමිතෙල් ලීටරයක මිල ඒ අනුව රුපියල් 31 කින් අඩුවනු ඇත.

මීට පෙර රුපියල් 44 ක් ලෙස පැවති භූමිතෙල් ලීටරයක මිල මෑතකදී ඉන්ධන මිල වැඩි කිරිමත් සමඟ රුපියල් 57 කින් ඉහළ දැමීය.

භූමිතෙල් මිල අඩුකරන ලෙස ඉල්ලා ධීවරයින් ඇතුළු පාර්ශව ගණනාවක් පසුගිය දින කිහිපයයේම විරෝධතා ව්‍යාපාර පැවැත්වීය.