භික්ෂූන් වහන්සේලාට රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන්න යයි


නිමල කොඩිතුවක්කු
 
සියලූම භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉදිරියේදි රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන බව  බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹදී අද(10) පැවසීය.
 
මහානායක හිමිවරුන් ඇතුලූ නායක ස්වාමින් වහන්සේලාගේන් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගෙන ඇති බවත් ඒ අනුව කඩිනමින් මෙම රක්ෂණාවරණය හඳුන්වාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
මෙයට අමතරව දිවයින පුරා පිහිටි සියලුම පන්සල් සංවර්ධනය කිරීම සඳහා ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් කොළඹ, බුද්ධශාසන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.
 
ලංකාවේ සියලූම පන්සල්වල තොරතුරු ලබා ගනිමින් ඒවා ඒ, බී, සී, ඞී  යනුවෙන් වර්ග කිරිමක් සිදුකරන බවත් එයට අනුව මෙම සංවර්ධන කටයුතු සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
 
පන්සල් දියුණු කිරිම සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය මැදිහත් වීමෙන් විදිමත් වැඩපිලිවලක් ක්‍රියාත්මක  කර තිබියදී  පන්සල් දියුණු කිරිම සඳහා පියවර නොගන්නා බවට ඇතැම් දේශපාළඥයන් නගන චෝදනා තමන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යවරයා කීවේය.