භික්ෂූන් 12කගේ පන්ති තහනම්


අනුරාධපුර බුද්ධශ‍්‍රාවක විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය භික්ෂූන් 12 දෙනකුගේ පන්ති තහනම් කැර ඇත. ශිෂ්‍යාධාර ලැබීමෙන් පසු විනය විරෝධි ලෙස හැසිරීම ඊට හේතුව බව මහෝපාද්‍ය මහාචාර්ය තුබුල්ලේ සීලක්ඛන්ද හිමියෝ පැවැසූහ.දෙසතියකින් ඔවුනට එරෙහිව පරීක්ෂණ අවසන් කිරිමට නියමිතය.