බිඟුන් මේනක ගමගේ
බලලෝභී දේශපාලකයන්ගේ පලිහක් බවට භික්ෂුව පත්වීම කනගාටුවට කරුණකැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී මහාචාර්ය අත්තන්ගනේ රතනපාල හිමියෝ පවසති.
ඇතැම් හිමිවරුන් අනවශ්‍ය ලෙස දේශපාලකයන්ට සමීප වී ඇතැයි චෝදනා කළ උන්වහන්සේ එහි අවසන් ප්‍රතිපලය වන්නේ කිසිදු පාලකයකුගේ වරදක් පෙන්විය නොහැකි තැනකට භික්ෂු නායකත්වය තල්ලු වීම යැයි පැවසූහ.
දස රාජ ධර්ම, සප්ත අපරිහාණි ධර්ම, පංඡ සීලය ආදී රාජ්‍ය පාලක ධර්ම තිබියදී සෘජු බවට උපමා පිණිස හිට්ලර් වැනි ම්ලෙච්ඡ පාලකයන් ගැන කතාකිරීමම අර්ථවිරහිත යැයි මහාචාර්ය රතනපාල හිමියෝ පැවසූහ.
භික්ෂු විනයට අවනත නොවී කටයුතු කරන භික්ෂුන්ට රාජ්‍ය නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි ද සංඝාධිකරණ තීන්දුව බලගැන්වීමට රාජ්‍යාධිකරණ සහාය විය යුතු යැයි ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.