භික්ෂු කතිකාවත් පනත ඉවත් කරගන්න යයි


(අංජුල මහික වීරරත්න)

රජය විසින් ඉදිරිපත් කර තිබෙන භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත නොකෙරෙනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත ගැන රජය මේ ස්ථාවරයට පැමිණ ඇත්තේ මල්වතු අස්ගිරි ඇතුළු පාර්ශ්ව වෙතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති  රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත කෙරුණු දැනුම් දීම මතය.

භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත හිටපු බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මුලින් ඉදිරිපත් කරන ලදී.

භික්ෂු කතිකාවත් පනත් ගෙන ඒමෙන් ඇතිවිය හැකි අර්බුද ගැන මල්වතු කාරක සංඝ සභාව හා අස්ගිරි කාරක සංඝ ඉදිරිපත් කළ යෝජනා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා වෙත භාර දුන්නේය.

මල්වතු හා අස්ගිරි කාරක සංඝ ඉදිරිපත් කළ කරුණු දැක්වීමට පිළිගත් රජය භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත අත්හරිනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.