ඉන්දිකා රාමනායක
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධාන දොරටුවට අලාභ හානි කරගෙන අනවසරයෙන් ඊට ඇතුළු වීමට ගිය බව කියන දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය.
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවක් අතරතුර විරෝධතාවයේ නිරත පිරිසෙන් කොටසක් එලෙස අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ශිෂ්‍ය හිමි නමක් ද වන බව පොලිසිය සඳහන් කරයි.
පිරිස විසිරවීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර