භාෂා විවිධත්වය සාමයේ සහ තිරසරත්වයේ කේන්ද්‍රීය මූලධර්මයක්


භාෂාමය විවිධත්වය සහ බහු භාෂා සාමයේ සහ තිරසරත්වයේ කේන්ද්‍රීය මූලධර්ම යැයි ජාත්‍යන්තර මවුභාෂා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) ප්‍රකාශ කරයි. 
 
සෑම වසරකම පෙබරවාරි 21 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර මවුභාෂා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් යුනෙස්කෝ සංවිධානය ඒ බව සඳහන් කරයි. 
 
ජාත්‍යන්තර මවුභාෂා දිනයට සමගාමීව ශ්‍රී ලංකාව ද ඇතුළුව යුනෙස්කෝ සංවිධානයේ සාමාජික රටවල් රාජ්‍ය භාෂා දිනයක් සමරයි. භාෂා විවිධත්වය සහ බහු භාෂා තිරසර සංවර්ධනයට අත්‍යාවශය බව සඳහන් කරන යුනෙස්කෝ සංවිධානය මේ වනවිට භාෂා විවිධත්වයට තර්ජනයක් එල්ල වී ඇතැයි ද සඳහන් කරයි.
 
මවුභාෂාව සහ භාෂා විවිධත්වය පදනම් කරගත් අධ්‍යාපනික ක්‍රමවේදයක් අරමුණු කරගනිමින් යුනෙස්කෝ සංවිධානය වසර 20ක් මුළුල්ලේ ජාත්‍යන්තර මවු භාෂා දිනය සමරයි.   
 
දිනෙන් දින බොහෝ භාෂා වියැකෙමින් තිබෙන බව සඳහන් කරන යුනෙස්කෝ සංවිධානය ඒ නිසා භාෂා විවිධත්වයට තිබෙන තර්ජන වැඩි වෙමින් තිබෙන බව ද පෙන්වා දෙයි. සාමාන්‍යයක් ලෙස ගත්කළ සෑම සති දෙකකටම වරක්ම භාෂාවක් වියැකී යෑමේ අවදානමක් තිබෙන බවත් භාෂා වියැකීයෑමත් සමඟ එම භාෂා හා සම්බන්ධ සංස්කෘතික සහ බුද්ධි උරුමය වියැකී අවදානමක් තිබෙන බව ද යුනෙස්කෝ සංවිධානය තවදුරටත් පෙන්වා දෙයි. 
 

055