භාවිතය තහනම් වු ග්ලයිෆෝසේට් තොගයක් වරායට



      
(රංජන් කස්තුරි)

මෙරට භාවිතය තහනම් කර තිබෙන ග්ලයිෆෝසේට් තොගයක් මේ වන විට කොළඹ වරායට ළඟාවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි.

හඳුනා නොගත් වකුගඩු රෝගය,පිළිකා රෝගය ඇතුළු බෝ නොවන රෝග නිසා විශාල වශයෙන් මුළු රටම රෝගීන් බවට පත්වෙමින් තිබෙන තත්වයක් තුළ වස විස සම්පුර්ණයෙන්ම බැහැර කළ යුතු නමුත් ග්ලයිෆෝසේට් නැවතත් කරලියට පැමිණිම පිළිගත නොහැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

වගාබිම්වලට විශේෂයෙන් තේ වතුවලට ග්ලයිෆෝසේට් ඇතුළු වස විස එකතුවීම නිසා ජලපෝෂක ප්‍රදේශවලට වස විස එකතුවන හෙයින් ඒ පිළිබඳව වඩාත් අවධානයක් යොමුකළ යුතු බව ද පැවසීය.