භාවනාව


ධම්ම ගවේෂී පදනමේ සෝමතිලක හෙට්ටිආරච්චි මහතා භාවනාවේ වැදගත්කම එමෙන්ම නිවැරදි අයුරින් භාවනාවේ යෙදිය යුතු වන්නේ කෙසේද යන්න දැක්වෙන හරවත් ලිපියක් එසැණට එවා ඇත.මේ පුන්පොහෝදා ඔබ සැමගේ හිතසුව වෙනුවෙන් එම ලිපිය මෙසේ පළකරන්නෙමු.

 

භාවනාව

පසුගිය වසරක කාලයක් තුල පොහෝය දිනවල මවිසින් ලංකාදීප අන්තර්ජාලය තුලින් ඉදිරිපත් කල දහම්කරුණු කියවා දැක්වූ ප‍්‍රතිචාර වලට පලමුවෙන්ම මා ස්තූතියි වන්නෙමි. ඒ සෑම ලිපියකම මගෙත් උත්සහය වූයේ බෞද්ධකම කියා මිථ්‍යාමත අනුගමනය කරන අයව මුදවා ගැනීමයි. මාගේ දැනුමේ තරමින් මා ලැබූ අත්දැකීම ආදර්ශයට ගෙන පැහැදිලි කල අදහස් වලට ඉදිරිපිත් කල ප‍්‍රතිචාර අනුව එම කරුනු යම්තාක් දුරට පිලිගෙන ඇති බව දැන ගතිමි. එම නිසා බුදු දහම දැනගැනීමට ඇති අවශ්‍යතාවය නිසා ඒ අය වෙනුවෙන් ලියමි.

මෙවර බොහෝ අයගේ ඉල්ලීම මත මා ලිවීමට අදහස්කලේ භාවනාව පිළිඹදවයි. භාවනාව යන්නෙහි තේරුම, ඇයි අපි භාවනා කරන්නේ, එයින් ලැබෙන ප‍්‍රයෝජනය ගැන පහදා දීම මෙහි අරමුණයි. මෙය ඉතාමත් වගකීම් ඇති ක‍්‍රියාවක් නිසා, ගුරුවරයා මේ පිලිබ`දව නිවැරදි අවබෝධයක් ඉගෙනීමක් ලබා තිබිය යුතුය. එවැනි ගැඹුරු ප‍්‍රඥානවන්ත තත්වයකට මා පැමිණ නැතිබව ප‍්‍රකාශ කරමි. නමුත් මෙතෙක් මා දැනගත් ඉගෙනගත් දෙය තුලින්, ලැබූ අත්දැකීම් මත, තත්පරයකදී නොසිතන තැන් වලට, නොසිතන දුරකට යන නොහික්මුණ සිත භාවනා කිරීමෙන් සංවර කරගෙන, සිතට සිතෙන අරමුණු කරානොව, තමන්ට සිතෙන යහපත් අරමුණු වල සිත යෙදීමෙන් යහපත් ගුණ ගරුක දිවිපෙවෙතක් ගෙවීමට සිත පෙරටු කර ගැනීමට හැකි බව මා හට දැනෙන නිසා ඒ මා ලබන දැනුම සුවය බෙදා දීමේ අදහසින් ලියමි.

භාවනාව යන්නෙහි තේරුම වැඞීමයි, සිත අධ්‍යාත්මික දියුණුව කරා රැගෙන යාමයි. මෙය ඉතාමත් දුෂ්කර කටුක අත්දැකීම් ලැබීමට සිදුවන පහසුවෙන් කළ නොහැකි දෙයක්ය. එයට හේතුව වන්නේ අප ඉපදීමත් මරණයත් අතර කාලයතුල ජීවත්වීමෙන් උත්සහගන්නේ දුකෙන් තොර සැපෙන් බර තමන්ගේ අභිමතාර්ථයන් ඉටුකර ගනිමින් සිටීමටය. මෙය මොළය ක‍්‍රියාකාරී නැති මන්ද බුද්ධිකයෙකුට කල නොහැක. සිත ක‍්‍රියාකාරී නොවීම එයට හේතුවයි. දුක තුල ඇති අකමැත්ත නොසන්සුන්කම නිසා ඇති වූ අප‍්‍රසන්න ස්වභාවය නොරුස්සන ගතිය නිසා ඇත්තේ තරහා හටගත් සිතකුයි. සැප නිසා ආශාවත් දුක නිසා තරහා උපදින්නේත් සිතටය. ඉපදුන දා සිට මරණය දක්වා අප සිටින්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නොවේද ? (ආශාව සහ තරහාවයි) තේරුම් ගැනීමට බැරි සිත නිසා ඇතිවන මෙම ක‍්‍රම දෙකම යහපත් දිවි පැවැත්මට හා බෞද්ධයාගේ පරමාර්ථය වූ නිවන් මාර්ගයට මාර බාධාවක්ය. මේ හේතුව දැනගත් අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කලේ වැඩිපුර ආශාවත් තරහත් දෙකම නැතිව (කැමැත්තත්, අකමැත්තත්) මධ්‍යස්ථ පිලිවෙතක් අනුගමනය කිරීමට සිත හුරු කල යුතු බවය. ඇස, කණ, නාසය, දිව ශරීරය යන පංච ඉන්ද්‍රියන් දෙන සංඥාවන් මත හොඳ නරක, යහපත් අයහපත්, පව්පින්, කුසල් අකුසල්, යනුවෙන් ක‍්‍රියාවේ යෙදවීමට මුල් වන්නේ සිතයි. ලෞකික දේවල රසවිදීමටත් අකාරුණික අමානුෂික පාපිෂ්ඨ ක‍්‍රියාවල හැසිරීමට හුරුවූ සිත මේ දෙකෙන්ම මුදවාගෙන, සංවර එක්තැන්වූ අධ්‍යාත්මික සිතක් සෑදීමට ගන්නා උත්සාහයේ යෙදෙන ක‍්‍රියාවලිය භාවනාවයි.

භාවනා කල යුතු ක‍්‍රම දෙකකි. සමථ භාවනාව සහ විදර්ශනා භාවනාවයි. සමථ භාවනාවෙන් සිදුවන්නේ විසිරුන සිත සමථයකට පත් කිරීම හෙවත් විසිරුන බවින් මුදවාගැනීමයි. විදර්ශනා භාවනාවෙන් සිදු වනුයේ සංවරවූ සිත කරුණු වටහාගනිමින් ගවේෂනාත්මකම අවබෝධය කරා රැගෙන යාමයි. සමථ භාවනාවෙන් සිත සමාධිය කරාත්, විදර්ශනා භාවනාවෙන් සිත ප‍්‍රඥ්ඥාව කෙරෙහි රැගෙන යාමත් සිදුවේ. කලබල නොසන්සුන් වූ සිතකින් කිසිමයහපත් දෙයක් හෝ අයහපත් දෙයක්වත් ක‍්‍රමානුකූලව කරගත නොහැකිය. එහෙයින් සිත තැන්පත් කර ගැනීමට සමථභාවනාව ප‍්‍රථමයෙන් කල යුතුය. විදර්ශනා භාවනාව පිළිබදව දැනගැනීම පසුවට තබා සමථභාවනාව පිළිබදව දැන ගනිමු. සමථභාවනා ක‍්‍රම නම් බුද්ධානුස්සතිය - බුදුන් ගුණ පිළිබදව මෙනෙහි කිරීම, ධම්මානුස්සතිය - බුදුන් වහන්සේගේ දේශනා කරනලද ධර්මය පිලිබදව ගුණ සිහි කිරීම, සංඝානුස්සතිය - ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ගෞරවය සහ විශ්වාසය ඇතිකර ගැනීම, ශීලානුස්සතිය - තුරුණුවන් කෙරෙහි ඇතිකරගත් විශ්වාසය තුලින් ගොඩනගාගත් යහපත් ප‍්‍රතිපත්ති සත්‍ය දකිමින් මෙනෙහි කිරීම, චාගානුස්සතිය - තමන් ඇලීමෙන් බැදීමෙන් තොරව දුන් දානාදිය සහ ත්‍යාග පිරිනැමීම් මෙනෙහි කිරීම, දේවානුස්සතිය - දෙවියන් සාක්ෂිකොට තබාගෙන තමන්ගේ ශ‍්‍රද්ධාදී ගුණ සිහිපත් කිරීම, මරණානුස්සතිය - ඉපදෙන  ඕනෑම සත්වයෙක් ජීවත් වෙමින් සිටියදී නොසිතන වේලාවක මරණය සිදුවන බව සිතමින් අනිත්‍ය මෙනෙහි කිරීම. මෙම සිහිපත් කිරීම් සිදුකරන්නේ මෛත‍්‍රිය කරුණාව දයාව අනුකම්පාව උපේක්ෂාව යන සතර බ‍්‍රහ්ම විහරණයන් ලබාදෙමින් අකාරුණික නොසන්සුන් සිත තැන්පත් කිරීමටය. ඊලග පියවර වශයෙන් ආනාපාන සති භාවනාවයි. ආනාපාන සති භාවනාව බුදුගුණ සිතමින් කාරුණික වූ සිත තමත් දියුණුවේ ඉහලට ගෙනයාමට වඩනා ක‍්‍රමයකි.

භාවනා කිරීමට ප‍්‍රථම පිරිසිදු වී පන්සිල් සමාදන්වන්න. තවද නිසංසල නිශ්ශබ්ද තැනක් විය යුතුය. පහසු ක‍්‍රමයකට වාඩිවෙන්න පලමුව තමන්ගේ ප‍්‍රාණය බුදුන් වෙනුවෙන් පූජා කරන්න එවිට අදෘශ්‍යමාන බලපෑම් අඩු වෙනවාය. පසුව එකේ සිට දහය දක්වාත් දහයේ සිට එක දක්වාත් ඉලක්කම් සිතින් දැක දැක කීපවරක් ගනින්න. ඉන් අනතුරුව මෛත‍්‍රී භාවනාව (සමථ භාවනාවකි) මෙසේ වඩන්න. මම කියන එක නොකියා මේ ප‍්‍රාණය ඇතුළු තුන්ලොව වසනා සියළු සත්වයෝම නිදුක්වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත්වෙත්වා, දුකින් මිදෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝවෙත්වා, සුවසේ ජීවත්වෙත්වා, ශාන්ත සුවයට (නිවන) පැමිණෙත්වා යනුවෙන් සිතන්න. මෙසේ ටික වේලාවක් සිතනවිට ඔබට හිතට සැහැල්ලූවක් දැනේවි, එසේ දැනෙන අවස්ථාවේදී ඔබේ ශරීරයේ ක‍්‍රියාකාරිත්වය ගැන සිතින් දකින්න දැන් ආනාපානසති භාවනාව ආරම්භ කරන්න. හුස්ම නිසා ශරීරයට සිදුවනදේ හොදට සිතින් බලන්න. එවිට ඔබට දැනේවි හුස්ම ගන්නා විට උදරය ඇතුළුවන කද කොටස පිම්බෙන හා හුස්ම හෙලෙන විට ඇකිලෙන ස්වභාවය, ටික වේලාවක් සිත වෙන අරමුණු කරායාමට නොදී බලන්න, ආනාපානසතිය කරන අවස්ථාවේ සිත වෙන අරමුණකට ගියොත් ඒ අරමුණ දැක පසුව එය අතහැර නැවත හුස්ම ගැන සිතන්න, සිත හුස්මෙන් පිට වෙනත් අරමුණු කරා යාමට සූදානම් වෙද්දීම දැනගන්න, යාමට දුනහොත් ඔබට නොදැනීම සිත රස්තියාදුවේ යනවාය. තමන්ගේ ධෛර්ය නැතිවුවහොත් එය දැනෙන්නේ ටික වේලාවකට පසුවය. මෙසේ ශරීරයේ හුස්ම ඉහලට පහලට ගන්නා හෙලනා අවස්ථාව දකින ගමන් හුස්ම පටන්ගන්නා නාසයේ මුලට සිත ගෙනවිත් හුස්ම ඇතුලට එන විදිහත් පිටවෙන විදිහත් දකින්න, හුස්ම නාසයේ වැදීගෙන ඇතුලට එන පිටවන විදිහ දකින්න මේ දැනීම විතක්ක යයි ඉහලට පහලට එන යන හුස්ම ආශ්වාස ප‍්‍රාශ්වාස යැයි සිතන්න එය විචාරයයි. හුස්ම ඉහලට පහලට එන යන විට දැනෙනවා ඒ දැනෙන දේ මෙයැයි කියා දැක ගන්නවා. සිත කරන විතක්ක විචාර දෙකම එක ක‍්‍රියාවලියට යෙදීමෙන් සිතට වෙන අරමුණු කරා යාමට නොහැක, එයට අවශ්‍ය වනුයේ ඔබේ උත්සාහ යයි. ටික වේලාවක් මෙසේ සිටිමින් ඇතුලට එන හුස්ම ආපසු හැරෙන තැනටම හිතන්න, එලියට යන විදිහ දකින්න. මෙසේ භාවනාවේ යෙදෙමින් සිටින විට සිත පලමු, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානවලට තැන්පත් වෙනවාය. ධ්‍යාන නමින් අදහස් වනුයේ සිත දියුණුවෙමින් පත්වන අවස්ථාවන්ටය. එම අවස්ථාවන් නම් විතක්ක, විචාර, ප‍්‍රිති, සුඛ, ඒකග්ග‍්‍රභාවයි. මේ පිලිබ`දව විස්තර කිරීම ප‍්‍රායෝගිකව, අවස්ථානුකූලව, වගකීමෙන් කලහැක්කේ අඩුම තරමින් සෝවාන් වූ කෙනෙකුට බව මාගේ මතයයි. මා එසේ කෙනෙක් නොවේ යැයි සිතමි. නමුත් මාගේ දැනුමින් විස්තර කරනවානම් පලමු ධ්‍යානයට පත්වීමේදී විතක්ක විචාර ප‍්‍රීති සුඛ ඒකාග්ග‍්‍රතා යන අවස්ථාවන් පහටම සිත පත්වෙනවාය. (මේ ගැන විස්තර කිරීම ලිපියකින් කල නොහැක. භාවනා පිලිබද ඇති නිවැරදි පොත්පත් කියවන්න). මේ අවස්ථාවේදී හුස්ම හදුනා ගනිමින් ඒ ගැනසිතමින් සිතෙහි ප‍්‍රීතිය සහ සතුට සමග තැන්පත් වනවාය. දැන් පලමුධ්‍යානය පලමු ධ්‍යානය කියා සිතන්න. ඉන්පසුව හුස්ම සිතීම දැනීම නැතිව යනවාය. එවිට විතක්ක විචාර සංසිදී සිතෙහි ප‍්‍රීතියත් සතුටත් ඒකාග‍්‍රභාවයෙන් පමණක් හටගන්නවාය. මෙය දෙවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය කියා සිතමින් සිටින්න මෙසේ ටික වේලාවක් සිටින විට හුස්මත් නොදැනී ප‍්‍රීතියත් සංසිදී ශරීරයේ කිසි ක‍්‍රියාවක් නොදැනී යනවාය. දැන් සිත පුළුන් රොදක් වගේ සැහැල්ලූව සතුට සහ ඒකාග‍්‍රතාවය පමණක් දැනේවි. මෙය තුන්වන ධ්‍යානය තුන්වන ධ්‍යානය යැයි සිතන්න. ටික වේලාවක් යන විට ඔබට ඔබව නොතේරී කිසිම අරමුණක් නොමැතිව සිත තැන්පත්වනවාය. බිය නොවන්න මෙය හතරවන ධ්‍යානය හෙවත් සමාධිය වේ. මේ සමාධියේ ටික වේලාවක් සිටින්න, මේ කාලය පැයකට වැඩිකාලයක් විය හැක. බිය නොවී හතරවන ධ්‍යානයේ ටික වේලාවක් සිට සමාධියෙන් මිදෙත්වා කියා සිතා පිලිවෙලට තුන්වන ධ්‍යානයට දෙවෙනි ධ්‍යානයට පලමු ධ්‍යානයට ඒ ධ්‍යාන අවස්ථාවන්හිදී සිත පත්වූ ආකාරය එලෙසෙම මෙනෙහි කරමින් සමාධියෙන් මිදෙන්න. (මේ පිලිබදව නිවැරදිව දන්නා අයෙකුගෙන් උපදෙස් ලබාගෙන කිරීම යහපති) සමාධියෙන් මිදීමත් පියවරෙන් පියවරට ආපස්සට පලමු සමාධියට දක්වා පැමිණ සමාධියෙන් මිදෙත්වා, මිදෙත්වා, මිදෙත්වා යැයි සිතා ටික වේලාවක් සිට දෑස් විවර කරන්න, දෙවියන්ට පිං දෙන්න. භූතයින්ටත් සියළු සත්වයින්ටත් පිංදෙන්න.

එත්තා වචාච අම්මේහි සම්පදං පුංඥ සම්බපදා. සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බසං පත්ති සිද්ධියා, සබ්බේ භූතා, සබ්බේ සත්ථා කියා පිංදෙන්නා. මෙසේ ආනාපානසති භාවනාව වඩන්න. අපමහ බෝසතානෝ අවසානයේදී බුදුවීම දහා වැඩුවේද ආනාපානසතිය බව සිතන්න. ආනාපානසති භාවනාව  හිදගෙන වැඩිවේලාවක් වඩන විට ශරීරයට අපහසුවක් දැනුනොත් නැගිටින බව සිහියෙන් සිතා නැගිට  සක්මන් භාවනාව ටික වේලාවක් කර නැවත ආනාපානසතිය වඩන්න. සක්මන් භාවනාවද සමථ භාවනාවකි. පියවර සිහියෙන් තබමින් වම දකුණ වශයෙන් සිතමින් සක්මන් කරන්න. ආපසු හැරෙන විටත් නවතින විටත් ඒ ගැන සිතමින් ක‍්‍රියා කරන්න. සමථ භාවනාව පිලිබදවත් එය වඩන ආකාරයත් කෙටියෙන් මාගේ දැනුමේ තරමින් මෙසේය. මේ පිලිබදව විශේෂ දැනුමක් අවශ්‍ය නිසා අමරදාස රත්නපාල මහතා ලියූ අභිධර්මාර්ථ ප‍්‍රදීපිකා දෙවන කාන්ඩත් තවත් භාවනා පිළිබදව නිවැරදිව ලියූ පොත් කියවා දුර්ලභ වටිනා මිනිස් ජීවිතය සාර්ථක කරගෙන බුදු දහම අනුගමනය කරන අප සැවොමගේ ඒකායන පරමාර්ථය වන නිවන අවබෝධ කර ගන්නා ලෙස ශාසන ලැදිව ඉල්ලා සිටිමි.

                                තෙරුවන් සරණයි
                                මෙයට,
                                සෝමතිලක හෙට්ටිආරච්චි
                                ධම්ම ගවේෂි පදනම
                                071 - 2385967
                                2015. 07. 29