භාවනා පුරුදු කළේ පොලිසියේම යහපතටයි - පොලිස්පති


(ඉන්දිකා රාමනායක)

පොලිස් නිලධාරීන්ට භාවනා  කිරීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කළේ පොලිස් නිලධාරීන් අපහසුවට පත්කිරීමට නොව ඔවුන්ගේ මනස ශක්තිමත් කිරීමේ අරමුණින්  බව  පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද(2) පැවසීය.

මෙම භාවනා වැඩසහන කි‍්‍රයාක්මක කිරීම පිළිබඳ තමන්ට යම් යම්  පුද්ගලයින්ගෙන් චෝදනා එල්ල වුවද තමන් මෙය කි‍්‍රයාත්මක කිරීමට නියෝග කළේ පොලිස් නිලධාරීන් ගේ ම සුබසිද්ධිය වෙනුවෙන් බවද පොලිස්පතිවරයා කීය.

පොලිස්පතිවරයා  මේ බව පැවසුවේ  නව වසරේ  රාජ්‍ය සේවා ප‍්‍රතිඥාව ලබාදීම සහ නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පොලිස් මුලස්ථානයේ පැවති උත්සවයේදී ය.

එහිදී පොලිස්පතිවරයා තවදුරටත් කියා සිටියේ වැරදි කරන පුද්ගලයන්ට නීතිය කි‍්‍රයාත්මක කරන ආකාරයෙන් ම පොලිසියේ දුෂිත නිලධාරීන් සොයා බලා ඔවුන්ට ද නීතිය තදින්ම කි‍්‍රයාත්මක කරන බවයි.