
(සමන්ත යහම්පත්)
ඉන්දියානු සම්භාව්‍ය වයලින් වාදනේ රජු ලෙස සැලකෙන ඉන්දීය සංගීතඥ ආචාර්ය අම්බ් සුබ්‍රමනියම් මහතා මෙරටට පැමිණ තිබේ.
ඔහු සමග දක්ෂ වාදන ශිල්පී අනග්ත පද්මනාභන් මහතා ද පැමිණීම ද විශේෂත්වයකි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන වැඩමුළු, ප්‍රසංග රැසකට සහභාගී වීමට පැමිණි ආචාර්ය අම්බ් මෙම 21 වැනි දා මෙරට රැඳී සිටියි.
ඔහු පිළිගැනීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපති මහචාර්ය ශ්‍යම බැන්නැහැ මහතා සහ සිද්ධිපත් සිතා ආර්ථස් සභපාතිනි කෞෂළ්‍යා වික්‍රමසිංහ මෙනෙවිය කටයුනායක ගුවන්තොටුපොළේ දී ඔහු පිිලිගත්හ.
ආචාර්ය අම්බ්ගේ ශාස්ත්‍රීය වාදන වැඩමුළුවක් අද පස්වරු 1.00ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී පැවැත්වෙන අතර පස්වරු 6.30ට ඔහුගේ වාදන ප්‍රසංගයක් විශ්ව විද්‍යලයීය ගෘහස්ථ ක්‍රිඩාංගනදෙී නොමිලයේ පැවැත්වේ.
මෙම ප්‍රසංගය සඳහා 5000කට අධිකර පිරිසක් සහභාගීවීමට කැමැත්ත පළ කර ඇත.
ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරාවෘත්ත වෙනුවෙන් නිර්මාණය කරන වාර්තා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කිරීම සඳහා අදාල ගිවිසුම අත්සන් කිරිම පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ හතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට ද නියමිතය.
ආචාර්ය අම්බ් යාපනයේ ඉපිද 1982 දී ඉන්දියවට ගිය ලොව ප්‍රකට සංගීතඥ පණ්ඩිත් ආචාර්ය ලක්ෂ්මී නාරායන සුබ්‍රමනියම්ගේ පුත්‍රයා වේ.


