භාරත ලක්‍ෂමන් දේහය කොළොන්නාවට.


හිටපු මන්තී‍්‍ර අභාවප‍්‍රාප්ත භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් අනතුරුව අද ජාවත්තේ නිවෙසටද ඉන්පසුව කොළොන්නාවේ නිවෙසටද ගෙනයනු ලැබීය. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු පිළිබඳව විදේශයක සිටින සහෝදරයා සහ සහෝදරිය පැමිණ පසු තීරණය කිරීමට නියමිතය. කොළොන්නාවේ උමඟලිය කී‍්‍රඩාංගනයේදී බඳාදා සවස අවසන් කටයුතු කිරීමට තාවකාලිකව තීරණය කර තිබේ. ජනපති මහින්ද රාජපක්‍ෂ, ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්‍ෂ මහත්වරු පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වූහ.