භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව රහස් පොලිසියෙන් නිර්මාණය කළ එකක් - විත්තියේ නීතිඥ


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව නීතියට පටහැනියි මාගේ සේවාදායකයා වන දෙමටගොඩ චමින්දට එරෙහි නඩුව රහස් පොලිසිය නිර්මාණය කළ නඩුවක් අභියාචන පෙත්සම අද (18) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පැවසීය. 
 
මෙම අභියාචන පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා,ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
 
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත‍්‍රී පුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල නියම කළ මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු විසින් මෙම අභියාචන පෙත්සම ගොනු කර තිබිණි.
 
නෛතික මුලධර්මවලට අනුකූලව නඩු තීන්දුව ප‍්‍රකාශ කර නැහැ. මාගේ සේවා දායකයා ඉන්දියාවෙන් පිටුවහල් කළ පසු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බව සක්ෂියෙන් කියවුණා. ඒක බොරුවක්. ප‍්‍රකාශ වලට අනුව ඔහුව අත්අඩංගුවට ගත්තේ මීගමුව පාරෙදියි. රහස් පොලිසිය මෙය ගොතාපු බොරුවක් මාගේ සේවාදායකයා ළඟ ගිනිඅවි තිබු බවට කිසිදු සාක්කියක් ඉදිරිපත් කර නැහැ.
 
නඩුවේ වැඩිදුර විභාගය ලබන 4 වැනි දා පැවැත්වීමට නියමිතය.
 
විත්තිකරුවන් වෙනුවෙන්, ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතාද, නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියහ.