
(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ සහ රංජිත් රාජපක්ෂ)
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ මංගල උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් අද (23) ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුපත්තූර් පරිශ්‍රයේදී දී පැවැත්වෙයි.
සම්භාවනීය අමුත්තන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් විවාහ උත්සවය පැවැත්වෙන අතර, ජීවන් තොණ්ඩමන් මහතාගේ අත ගත් මනමාලිය වුයේ තමිල්නාඩුවේ තිරුපත්තූර් ප්‍රදේශයේ පදිංචි සීතෙයි ශ්‍රී නාච්චියාර් මෙනෙවියයි.
මෙම විවාහ උත්සවය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන්, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩි රාමේෂ්වරන් යන මහත්ම මහත්මීන්, ලංකා කම්කරු කොංග්‍රසයේ ඉහළ පෙළේ සාමාජිකයන්, ඉන්දියාවේ දේශපාලඥයන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.










