භාරත ඝාතන පිරික්සුම විනිවිද නැතිලූ


භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතන පරීක්‍ෂණයේ විනිවිද ස්වභාවයක් නැතැයිද අදිසි හස්තයකින් පරීක්‍ෂණ යටගසතියි සැකයක් ඇතැයිද ඔහුගේ සහෝදර සහෝදරියෝ පුවත්පත් සාකච්ඡවක් පවත්වමින් පැවැසූහ. රජය බලයට පත් කිරීමට දරදිය ඇද දුන් තම සහෝදරයා සතකුසේ පාරේ මරා දැමුණේ ඔහුට නිසි ආරක්‍ෂාව නොලැබුණ නිසායැයි ස්වර්ණා ගුණරත්න මහත්මිය කීවාය. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ තවත් සහෝදරියක වන සුනේත‍්‍රා අබේසිංහ මහත්මිය පැවැසුයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා මේ ඝාතනයේ සැකකරුවකු නොවන බව මාධ්‍යයට කියා ඇති බවයි.  පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ සොයුරු අසේල හා සොයුරියන් වන ධර්මා නානායක්කාර හා ටි‍්‍රෂිලා විජේසිංහ මහත්ම මහත්මීන්ද මේ සාකච්ඡවට සහභාගී වී කියා සිටියේ ජීවිත තර්ජන ඇති නිසා කැනඩාවට එන ලෙස ඔහුට පැවැසුවත් ඔහු ඊට එකඟ නොවූ බවයි.