මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ ඔහුගේ වෘත්තීය සමිති පිළිබඳ උපදේශක වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා මරා දැමීමට තැත් කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට ඇත.
මෙම සිද්ධිය සුවිශේෂී අධිකරණ කටයුත්තක් ලෙස සළකමින් එය විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණී රණවක සහ එස් සී බී එන් මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විභාගයට ගැනීමට නියමිතය.

