භාරත ඝාතන අවි රස පරීක්ෂකට
හිටපු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සොයාගත් අවි රජයේ රස පරීක්ෂක වෙත යවන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතා නියෝග කෙළේය. රහස් පොලිස් පරීක්ෂක මෙරිල් රන්ජන් මහතා ටී 56 අවි දෙකක් 3.8 රිවෝල්වර තුනක් මි.මි 9 පිස්තෝලයක් හා උණ්ඩ 41ක් උසාවියට ඉදිරිපත් කෙළේය.

