(දයාසීලි ලියනගේ)
අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල පහළ දැමීමට ගත් තීරණය නිසා ස.තො.ස. වෙළඳ ජාලයේ ආදායම ඉතාම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
පසුගිය 7 වැනිදා ස.තො.ස වෙළඳසැල් ජාලයේ දිනයක ආදායම රුපියල් මිලියන 82ක් ද, 8 වැනිදා ආදායම මිලියන 96ක් ද, 9 වැනිදා ආදායම මිලියන 115ක් ද, 10 වැනිදා ආදායම මිලියන 166ක් ද වී ඇති බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

