
(රංජිත් රාජපක්ෂ)
මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ 1126 මිශ්‍ර දුම්රිය ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ අද (18) දින පීලි පැනීමකට ලක් වී ඇති නිසා උඩරට දුම්රිය ධාවනය බාධා පැමිණ ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු පැවසීය.
එම දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන පෙට්ටියක් උදෑසන පිලි පැන ඇති බවත්, එම භාණ්ඩ ප්‍රවාහන පෙට්ටිය පීලි ගත කරන තෙක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන මගී ප්‍රවාහන දුම්රියන් දුම්රිය පීලි පැන ඇති ස්ථානය ආසන්නයට ධාවනය කර එම දුම්රියවල ගමන් ගන්නා මගීන් අනෙක් දුම්රියන්වලට මාරු කර යැවීමට පියවර ගන්නා බව නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු කියා සිටියේය.

