(ඩයනා උදයංගනී)
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ලබන බදාදා (18) සිට අඩු වන බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එබැවින් භාණ්ඩ තොග වශයෙන් රැස්කර තබාගැනීම පාරිභෝගිකයාට පාඩුවක් වන බව ඇමතිවරයා සඳහන් කළේය.
රට තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩවල කිසිඳු හිඟයක් නොමැති බැවින් ජනතාව භාණ්ඩ තොග වශයෙන් රැස්කර තබාගැනීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
ජනතාවට ප්‍රමාණවත් තරම් අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රට තුළ තිබෙන බව වෙළඳ සංගම් විසින් ද සහතික කර ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

