බෞද්ධයාට පන්සිල් බැරිවේ
පහරදීමේ නඩුවක තරුණයකුට හොරණ උසාවියේ දී පන්සිල් පද පහ කීමට නොහැකිවිය. යතුරු පැදිකරුවකුට හෙල්මටයකින් පහර දී කැපෙන අවියකින්ද ඇන ජංගම දුරකතන දෙකක්ද සොරකම් කළ බව කියන ලහිරු අසංකට (ගඩාබි) හොරණ මීවනපළාන ශ්‍රී සුදර්ශනාරාමයේ සිල් සමාදන් වන්නැයි හොරණ මහේස්ත‍්‍රාත් අනුර රණසිංහ මහතා නියෝග කළේ ඉන් පසුවය. ඔහු රැකියාවක් නැති සිංහල බෞද්ධයකි. ඔහු ඇප මත මුදා හැර නඩු විභාගය දෙසැම්බර් 20 වැනිදාට කල් තැබීය.

