ඩයනා උදයංගනී
සම්බුද්ධ ශාසනයේ සහ බෞද්ධයන්ගේ අභිවෘද්ධිය සැලසීම, බෞද්ධයන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් රැකගැනීම ආදී අරමුණු සාක්‍ෂාත් කරගැනීම වෙනුවෙන් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවක් පත්කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පියවර ගෙන තිබේ.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට ශතකයක් සපිරීම නිමිත්තෙන් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයේද ආශීර්වාද සහිතව ඓතිහාසික මිහින්තලා භූමියේ පුරාණ ධාතු මලූවේදී මෙම කොමිෂන් සභාව ස්ථාපිත කළ බව එම සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා පැවසීය.
මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විශ‍්‍රාමික ජනාධිපති නීතීඥ පාලිත ප‍්‍රනාන්දු මහතා පත්කර ඇති අතර විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ මහතා එහි ලේකම්වරයා වේ.
ඊට අමතරව කොමසාරිස්වරුන් 21 දෙනෙකුගෙන් මෙම කොමිෂන් සභාව සමන්විත වේ.
මෙම කොමිෂන් සභාව වෙත අදහස්, යෝජනා, තොරතුරු සහ පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කිරීමේ අවස්ථාව සමස්ත බෞද්ධ ජනතාවට හා සියලූ ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බව ද ජගත් සුමතිපාල මහතා සඳහන් කළේය.
එම අදහස් ලබන 2019 ජූනි මස 26 වැනිදා දක්වා ලබාදිය හැකි බව ද ඔහු කියා සිටියේය.