පිටකොටුව පීපල්ස් පාක්හි වෙළඳසල්වල අලෙවි කරමින් තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 50000ක් අත් අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
මෙම කොඩිවල බෞද්ධ කොඩියේ තිබිය යුතු නිල්, කහ, රතු, සුදු හා තැඹිලි යන වර්ණ අනුපිළිවෙළ වැරදි ආකාරයට මුද්‍රණය වී තිබූ බවද පාරිභෝගික අධිකාරිය පවසයි.

