රංජන් කස්තුරි
හදිසි ගංවතුර හා ආපදා තත්ත්වය හමුවේ බෝවන රෝග ඉහළ යාමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එම නිසා හැකිතාක් සෞඛ්‍ය පුරුදු පිළිපදින ලෙස ජනතාවට අවවාද කරන බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ අතර සෑමවිටම පිරිසිදු පානීය ජලය භාවිතා කරන ලෙසත් හැකි සෑම විමට පිසූ ආහාරම පමණක් භාවිතා කරන ලෙසද සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
මීට අමතරව ආහාර වසා ආරක්ෂිතව තබාගන්නා ලෙසත් ආහාර ගැනීමට පෙර සෑම විටම සබන් යොදා දෑත් සෝදා පිරිසිදු කරගත යුතු බවත් එම කාර්යංශය පවසයි.
පුසූතියට ආසන්න සමයේ සිටින ගර්භනී මව්වරුන් රෝහල් වෙත යැවීමටත් ළිං ජලය ක්ලෝනීකරණය කර ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක උපදෙස් ලබාගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම කාර්යාංශය පවසයි.