සිම්බාබ්වේ ජනපති එමර්සන් මැන්ගග්වා ඉලක්කකර පුපුරුවන ලද බෝම්බයකින් ජනපතිවරයා නූලෙන් බේරී ඇතැයි වාර්තා වේ.
බුලවායෝ නගරයේ ජනපතිවරයා ගමන්ගත් රැළියකට බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර ඔහු ගමන්ගත් ස්ථානයට ඉතාම ආසන්නයෙන් බෝම්බය පිපිරී ඇත.
ප්‍රහාරයෙන් උප ජනාධිපති කෙම්බෝ මොහාදි ඇතුළු බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
ජූලි 30දින පැවැත්වීමට නියමිතව ඇති ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගෙන පැවැත්වුණු පෙළපාලියකට මෙසේ බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති අතර බුලවායෝ නගරය විරුද්ධ පාක්ෂිකයන්ගේ බල කඳවුරක් බව පැවසේ.
සිම්බාබ්වේ හිටපු ජනපති රොබට් මුගාබේගේ තිස්හත් වසරක පාලනයෙන් පසු පැවති ඡන්දයෙන් මැන්ගග්වා තේරීපත් විය.
(බීබීසි ඇසුරිනි - 085)