බෝම්බ ප්‍රහාරය ගැන හොයන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායමකගේ සහය


(තිළිණි ද සිල්වා)

පසුගිය පාස්කු ඉරිදා කොළඹ ඇතුළු ප‍්‍රදේශ කිහිපයක එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන වෝහාරික පරීක්ෂණ කටයුතු වලට 20 දෙනෙකු ගෙන් යුතු  ඕස්ටේ‍්‍රලියානු නිලධාරීන් කණ්ඩයමක් සහාය දක්වන බව  ඕස්ටේ‍්‍රලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා අද (4) කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මේ වනවිටත් එම කණ්ඩායම කොළඹ රැඳීසිටිමින් අදාළ පරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වෙමින් සිටින බවද එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කීය.

ඕස්ටේ‍්‍රලියා අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අදාළ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සම්බන්ධයෙන් එරට දක්වන සහාය පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිලිතුරු ලබා දෙමිනි.

කුඩා ළමුන් 58 දෙනෙකුට පමණ මරු කැඳවමින් 500කට තුවාල සිදු කරමින් සිදු වූ මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය ඉතාම බියකරු ප‍්‍රහාරයක් බව සඳහන් කළ  ඕස්ටේ‍්‍රලියානු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ එම බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු වලට ඕස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලීසිය මුල සිටම ශ්‍රී ලංකා බලධාරීන්ට සහයෝගය ලබා දුන් බවයි.

එමඟින් පීඩාව පත්වූ ජනතාවට යුක්තිය ලබා ගැනීමට තරමක් දුරට හැකිවනු ඇතැයි තම රජය අපේක්ෂා කරනා බවත්  ඕස්ටේ‍්‍රලියා අමාත්‍යවරයා කියා සිටියේය.

එය දෙරට අතර ඇති ද්විපාර්ශවික සහයෝගය හා අවබෝධය මත මෙම සියලූ සම්බන්ධීකරණයන් සිදුවූ බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය‍.