බෝතලෙන් කාලක් වතුර


අරක්කු බෝතලයකින් කාලක් ඉවත් කැර ඒ වෙනුවට වතුර පුරවා විකිණූ බව කියන මත්පැන් අලෙවි හලක් වටලා එවැනි බෝතල් දෙසීයක් පමණ අත්අඩංගුවට ගත් අනුරාධපුර සුරාබදු කාර්යාලය, එහි සේවකයන් තිදෙනකු අසාධු ලේඛන ගත කැර, අලෙවි හලට විරුද්ධව ක‍්‍රියා කිරීම සඳහා සුරාබදු කොමසාරිස් ජනාරල් වසන්ත හපුආරච්චි මහතාට දැන්වීය.