බෝට්ටුවෙන් රට යන්න හැදූ 31ක් දැලේ


(ඉන්දිකා රාමනායක සහ ජූඩ් සමන්ත)

නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ඉතාලිය,ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය බලා යාමට සුදානමින් සිටි 31 දෙනකු   අද (30) පස්වරු 3.00 ට පමණ ආරච්චිකට්ටුව නගුල්එළිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මොවුහූ උඩප්පුව, මුලතිව්, යාපනය, යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියට ලැබුණ තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

මොවුන් උඩප්පු වෙරළින් පිටත්ව ගොස් ඇති අතර වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නගුල්එළිය ප‍්‍රදේශයට ගසාගෙනවිත් තිබේ.