බෝට්ටුවෙන් රට පනින්න ගිහින් වරෙන්තු වූ 25 ක් අල්ලයි


(දිල්රුක්ෂි ග්‍රේරු)

නීති විරෝධි අයුරින්  මුහුදු මාර්ගයෙන් විදෙස් රටවලට සංක්‍රමණය වීමට උත්සාහ කර වරෙන්තු ලබා සිටි  පුද්ගලයින් 25 දෙනකු අත්අඩංගුවට ගැනීමට සමත් වු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනනත් වෙළදාම ජාවාරම් විමර්ශන, සමුද්‍රීය  අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් වන අතර දීර්ඝ කාලක් තිස්සේ අධිකරණය මගහරිමින් සිටියදී ,ඒ් වෙනුවෙන්  කළ විශේෂ තෙදින මෙහෙයුමකින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මානිප්පායි,යාපනය,කිලිනොච්චිය,මුලතිව්,පරන්තන්,පේදුරුතුඩුව,මීගමුව සහ හලාවත යන ප්‍රදේශවලින් මෙම වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස  වැඩි වශයෙන් ප්‍රංශය හා ඔිස්ට්‍රේලියාව යන රටවලට පැන යාම සඳහා සුදානම්ව සිට ඇතැයිද ප්‍රශ්න කිරීම්වලදී හෙලිවූ බව සමුද්‍රීය  අපරාධ විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවසීය.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම පුද්ගලයින් පිළිබඳව අවධානයෙන් හිද  මෙලෙස මෙහෙයුමක් සිදු කළ බවද  මෙවැනි ජාවාරම් පිළිබදව අවධානයෙන් පසුවී මෙය මර්දනය සඳහා මෙහෙයුම් සිදු කරන බවද ඔහු කීවේය.

අත්අඩංගුවට ගත් අය අතර  මෙම ජාවාරම සිදු කරන පුද්ගලයින් සහ  ඔවුන්ගෙන් සේවය ලබා ගෙන නිතිවිරෝධි ලෙස වෙනත් රටවලට යාමට උත්සාහකළ පුද්ගලයින්  වන බව ද ඔහු  පැවසීය.

මෙම මිනිස් ජාවාරම් සඳහා  වර්තමානයේ ශ්‍රී ලංකාව කෙන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවත් ජනතාව මෙවැනි වංචාවලට හසු නොවන අයුරින් ඔවුන් දැනුවත් කිරීම සඳහාත් දිගින් දිගටම දීප ව්‍යාප්තව මෙමවැටලීම් සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

 මේ අයුරින් මුහුදුමාර්ගයෙන් අනවසරයෙන්  ඔිස්ට්‍රෙිලියාව වැනි රටකට ඇතුළු වු යම් අයෙක් එරටදී නිතීයේ රැහැනට හසුවුහොත් නැවත ඔහුගේ රටට පිටත් කර යැවීම සඳහා කටයුතු කිරීමද සිදු වන බැවින්  සිය ජීවිතය ගැන වුවද විශාල අවදානමක් ගෙන මෙවැනි ක්‍රියා සඳහා යොමුවීම තැරැව්කරුවන්ට හසුවීම පළක් නොමැති බවද ඔහු කීවේය.

අත්අඩංගුවට ගත් පිරිස ඒ් ඒ් අදාල ප්‍රදේශවල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනනත් වෙළදාම ජාවාරම් විමර්ශනය සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ටසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ මෙහෙයවීමෙන් එහි නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.