ලන්ඩන් නුවර පැවති වෙළඳ ප්‍රදර්ශනයකට හා ගැනුම්කරුවන්ගේ හමුවකට සහභාගී වීමේදී අයුතු ලාබයක් හා වාසියක් ලබාගැනීමේ අරමුණින් රුපියල් ලක්ෂ පහළොව හමාරකට ආසන්න මුදල් ගෙවීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පොළඹවන ලදැයි හිටපු ආයෝජන ප්‍රවර්ධන ඇමැති රෝහිත බෝගොල්ලාගමට පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඇති අභියාචනය සලකා බලමින් සිටින බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද (16) දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රංජනී සෙනෙවිරත්න මහත්මිය මේ බව අධිකරණයට දැනුම් දුන්නාය.
මේ සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළ මහේස්ත්‍රාත්වරයා නඩුව නොවැම්බර් 2 වැනිදාට කල් තැබීය.

