බෝගම්බර ප්‍රකාශය එළි දකී


(ඩයනා උදයංගනී)
 

‘දැයම එක රොදකට‘ යන තේමාවෙන් බොදු බල සේනා සංවිධානය සංවිධානය කළ සිව් හෙළයේ මහා සමුළුව තෛයි නිකායික මහා සංඝරත්නයේ හා අති විශාල ජනකායකගේ  සහභාගීත්වයෙන් කන්ද උඩරට ඓතිහාසික සෙංකඩගල පුරවරයේදී අද  පැවැත්විණි.

රට ඉදිරියට ගමන් කළ යුතු දිශා නිතිය සඳහන් විශේෂ ප්‍රකාශයක්ද ‘ බෝගම්බර ප්‍රකාශය‘ නමින්  මෙහිදී එළි දැක්විණි.

සමුළුව ආරම්භවීමට ප්‍රථම මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඩම කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේක්ම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය එම බෝගම්බර ප්‍රකාශය දළදා වහන්සේ ඉදිරිපිට පුජා කළහ. මතුවතු - අස්ගිරි මහතාහිමිවරු බැහැදැක උන්වහන්සේලාගේ ආශිර්වාදය ද ලබාගත්හ.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, බුද්ධි අංශ ශක්තිමත් කර නොබෙදු රටක් තුල සියලු දෙනාට පොදු නීතීයක් ක්‍රියාත්මක කළ යුතුය.ජාතික හා ජන වාර්ගික පදනම මත පාසල් ආරම්භකිරීම හා පාසල් තුළ අන්තවාදී ඉගැන්වීම් තහනම් කළ යුතුය,ජාතික උරුමයන් සුරැකිය යුතුය,සිංහල මව්වරුන් ඉලක්කකරගෙන වන්ධ්‍යාකරණයට එරෙහිව නීතී රීතී පනවා  ජන සංයුතිය ජාතික ප්‍රතිපත්ති රාමුවක් හරහා කළමනාකරණය කළ යුතුයි.සියලු පුරවැසියන්ට ප්‍රමාණවත් සෞගඛ්‍ය පහසුකම් බලා දිය යුතු අතර හලාල් වැනි ආහාර සහතිකරණයෙන් අදාළ ජනතාව වෙනුවෙන් පමණක් ඇති කළ යුතු ආදි කරුණු ඇතුළත් යෝජනාවලියක්ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.