බොලිවුඞ් නිළිය නොමිලයේ රඟයි


ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඞ් නිළි ජැකලයින් පර්නැන්ඩස් සිංහල රිදීතිරයේ නොමිලයේ රඟපෑමට යන බව ඉන්දියා මාධ්‍ය කියයි. ඇයගේ කොටස වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් දහදාහක් හෙවත් (රුපියල් එකොළොස් ලක්‍ෂ වැඩිමුදලක්) ගෙවන බව ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ හා නිෂ්පාදක පැවසුවත් ඉන්දියාවේදී ලැබෙන ආදායම හා සසඳන විට එය ඉතා සොච්චමක් බවත් ඇය තම උපන්බිම වෙනුවෙන් නොමිලේ රඟපාන බවත් ඇගේ කළමනාකරු පැවසීය.