(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
පානදුර හිරණ බොල්ගොඩ ගග අසල නතර කර තිබූ මෝටර් රථයක් බොල්ගොඩ ගගට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි .
මියගොස් ඇත්තේ පානදුර ගල්තුඩේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි.
මෝටර් රථයේ සිටි පිරිමි පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත .
මියගිය කාන්තාව කලුතර උතුර ප්‍රදේශයේ 43 හැවිරිදි පුද්ගලයෙකු හා මෝටර් රථය තුළ කතා බස් කරමින් සිටිය දී එකවරම මෝටර් රථය බොල්ගොඩ ගගට වැටී ඇතැයි පොලිසිය කියයි .
ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා පිරිමි පුද්ගලයා බේරා ගත්ත ද කාන්තාව ගොඩ ගැනිමට පැයකට ආසන්න කාලයක් ගත වී තිබූ බව පොලිසිය සදහන් කරයි .
පානදුර රෝහලට රැගෙන යන විටත් කාන්තාව මියගොස් තිබිණි .



