චන්දන ප්‍රනාන්දු
මැලේසියාවේ රැකියාව කරන අයෙක්ව යොදාගෙන දන්කොටුව ප්‍රදේශයේ තරුණියක් සමඟ අන්තර්ජාලය හරහා ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගැනීමට සලස්වා විවාහ පොරොන්දු දී රුපියල් 275,000 ලබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ නාත්තන්ඩිය කොට්ටරාමුල්ලේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි.
මෙයට වසර 2 ට පමණ පෙර අන්තර්ජාලය හරහා දන්කොටුවේ තරුණියක් මැලේසියාවේ රැකියා කරන බව පැවසු 32 හැවිරිදි තරුණයෙක් සමඟ ප්‍රේම සබඳතාවක් ආරම්භ කර ඇති බවත් පසුව කාලයක් ගත වී ඇයව විවාහ වී මැලේසියාවට ඒම සඳහා බව පවසමින් වීසා හා ගුවන් ටිකට්පත් සඳහා අවශ්‍ය බව පවසමින් මැලේසියාවේ සිටි තැනැත්තා මුදල් බැංකු ගිණුමකට බැර කරගෙන ලෙස පවසා ඇත.
පසුව මැලේසියාවේ අවශ්‍යතාවකට බව පවසා ඇයගේ නමින් ගිණුමක් ආරම්භ කර එහි ඒ ටි එම් කාඩ් පතද මැලේසියාවට ගෙන්වා ගෙන පසුව කිසිදු තොරතුරක් නැතිවීම සම්බන්ධයෙන් එම තරුණිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත.