දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී රිය අනතුරක් වී යැයි කුරුදුගහ හැතැක්ම පොලීසියට බොරු පැමිණිල්ලක් කළ අම්බලන්ගොඩ පොල්වත්තේ හෙලන් රස්සින්නට ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා රුපියල් 2500 ක දඩ නියම කළේය.
රක්ෂණ වන්දි ලබා ගැනීම සදහා මොහු මේ අසත්‍ය පැමිණිල්ල කැර ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

