බොරු පතුරුවන්නන් ගැන රහස් පොලීසියෙන් සොයයි


(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
 
ගිංතොට සිද්ධිය  පාදක කර ගනිමින් ජාතින් අතර අසමගිය වර්ධනය  වන ආකාරයේ අදහස්  සමාජ ජලා හරහා පතුරුවන්නන්  ගැන සොයා බලා නිතීමය පියවර ගැනිමට අපරධ  පරීක්ෂණ  දෙපාර්තුමේන්තුවට බාරදී ඇතැයි  උසස් පොලිස් නිලධාරියෙක් අද (19) ලංකාදීපයට පැවසීය.
 
එම සිද්ධිය සම්බණ්ධයෙන් මේ වන විට ව්‍යාජ  තොරතුරු රැසක්  සමාජ ජාලා ඔස්සේ  පිරිසක් ව්‍යාප්ත කරමින් සිටින බවද එම නිලධාරියා කීවේය. 
 
මෙම චෝදනාවට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප ලබා ගත හැකි වනුයේ  මහ අධිකරණයෙන්  පමණක් බවත් නඩු විභාගයෙන් පසු වසර දහයක් දක්වා සිර දඩුවම් ලබා දිය හැකි බවත් කියන පොලිසිය  ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ තොරතුරු මුදා නොහරින ලෙස ඉල්ලා සිටි.