මගී භාණ්ඩ වශයෙන් ශ්‍රී ලංකාවට එවූ සිගරට්, ලයිටර්, සපත්තු, චීස්, කරදමුංගු හා මොටර් රථ අමතර කොටස් තොගයක් රේගු විශේෂ කාර්ය හා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් කෝටි 13ක් පමණ වටිනා මෙම භාණ්ඩ ඩුබායි සිට එවා ඇතැයි රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා කියයි.
මැදපෙරදිග සේවය කරන බව කියන ශ්‍රී ලාංකිකයන්ගේ නමින් මෙම භාණ්ඩ එවා තිබුණ ද එවැනි නමක් හෝ ලිපියනක් නැතැයි රේගුව පවසයි.

